සිල් සමාදන් වී නිවසට පැමිණි කාන්තාවට උදැල්ලකින් පහර දී ඝාතනය කරයි

ගෝනපිනුවල පොලිස් වසමේ, සාමගම, අලුත්වල ප්‍රදේශයේ නිවසක් තුළදී කාන්තාවක ඝාතනය කළ බවට එම කාන්තාවගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකු අද (ජූනි 24) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

එලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 76ක් වූ සාමගම, අලුත්වල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

පොලිසිය සඳහන් කළේ, මෙම කාන්තාව අවිවාහක බව ත් ඇය සැකකරු සමග වසර කිහිපයක සිට මෙම නිවසේ පදිංචිව සිට ඇති බව ත් ය.

පොසොන් පොහොය දිනය එනම්, ජූනි 21 වන දා සවස් කාලයේදී හෝ ඊයේ (ජූනි 23) උදෑසන කාලයේදී මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මිය ගිය කාන්තාව පොසොන් පොහොය දින සිල් සමාදම් වී නිවසට පැමිණීමෙන් පසු සැකකරු උදැල්ලකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බව ය.

පොලිසිය තවදුරට ත් සඳහන් කළේ, ඝාතනය සඳහා යොදාගත් බවට සැක කරනු ලබන උදැල්ල ද සිද්ධිය වූ ස්ථානයේ තිබී සොයා ගත් බව ය.

සැකකරු මානසික ආබාධයකින් පෙලෙන පුද්ගලයෙකු බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

ඔහු හෙට (ජූනි 25) බද්දේගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *