දූෂිතයින් කවදාවත් දූෂිතයින්ට දඬුවම් දෙන්නේ නෑ – අනු​ර සිරස සටනෙන් රටම හොල්ලයි

රනිල් වික්‍රමසිංහ වැනි දූෂිතයින් කවදාවත් අනෙකුත් දූෂිතයින්ට දඬුවම් නොදෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

රනිල් වික්‍රමසිංහ වටා සිටින පිරිස බැලුවද, එසේ කළහොත් ඔහුට ඡන්ද රැස්වීමක්වත් කරගත නොහැකි තත්ත්වයක් උදාවන බවයි ඊයේ සටන රූපවාහිනී වැඩසටහනට එක් වෙමින් ඔහු සඳහන් කළේ.

දූෂිතයින්ට මෙතෙක් දඬුවම් නොලැබීමේ ක්‍රියාවලිය ඇත්තේ අණපනත් මත හෝ අපරාදයක් සිදු නොවී තිබී​ම මත නොව, දේශපාලන අධිකාරිය කෙතරම් වුවමනාවකින් එම පරීක්ෂණ මෙහෙයවනවාද නැද්ද යන්න මත බවයි ඔහු පෙන්වා දුන්නේ.

අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කෙතරම් හොඳ නිලධාරීන් සිටියද, දේශපාලකයා ක්‍රියාත්මකවන්නේ දූෂිතයින් ආරක්ෂා කරගැනීමේ වුවමනාවෙන් බව ඔවුන්ට දැනේ නම්, තමන් පමණක් පරිප්පු කන්නේ කුමකටදැයි යන සිතුවිල්ල ඔවුන්ට සිතෙන බවත්, ආණ්ඩුවේ සංඥාව ඔවුන් ගන්නා බවත් ඔහු සඳහන් කළා.

එබැවින් දූෂිතයින්ට දඬුවම් දිය යුතුය යන සංඥාව ආණ්ඩුවෙන් ලබා දෙන්නේ නම්, අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම සංඥාව ලබාගෙන ඒ අනුව කටයුතු කරනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. 

තම ආණ්ඩුව එම සංඥාව ඔවුන්ට ලබාදීමට අනිවාර්යයෙන් කටයුතු කරන බවද, දූෂිතයන්ට දඬුවම් දීමේ වුවමනාව මෙරට ජනතාවටත් වඩා වැඩියෙන් තමන්ට ඇති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *