මෙගාවොට් 100ක මෙරට විශාලතම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

මෙගාවොට් 100ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන, මෙරට විශාලතම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය වන මොනරාගල, සියඹලාණ්ඩුව “රිවි දනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (06) පෙරවරුවේ එක්වීමි. මෙමගින් වසරකට ජාතික විදුලිබල පද්ධතියට ගිගාවොට්පැය 219ක දායකත්වයක් ලබා ගැනීමට අපේක්ෂිතය.

වසර 2030 වන විට මෙරට ජාතික විදුලිබල අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ ප්‍රධාන පියවරක් ලෙස ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය මෙරට බලශක්ති ස්වාධීනත්වයේ සහ සුරක්ෂිතතාවයේ වැදගත් අවස්ථාවක් ලෙස සලකමි.

තවද, මෙම ව්‍යාපෘතිය තුළින් පළාතේ යටිතල පහසුකම් සංවර්ධනයට සහ නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමට සිදු කරන දායකත්වය මෙන්ම ආයතනය විසින් සැලසුම් කර ඇති සමාජ සුබසාධන ව්‍යාපෘතිද අගය කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *