බස් ඇතුළේ අඩු කළ ඉතුරු සල්ලි වලට මගීන් සහ කොන්දොස්තරලා ගැටෙයි

නව බස් ගාස්තු අයකිරීමේදී බස් කොන්දොස්තරවරුන් ළඟ මාරු කාසි හිඟවීමෙන් මගියා සහ කොන්දොස්තර අතර දිනපතාම ගැටුම් ඇතිවන බව සමස්ත ලංකා බස්රථ හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියංජිත් මහතා ඊයේ ‘දිවයින’ට පැවසීය.

සෑම මගී බස්රථයකටම දිනකට මහ බැංකුව විසින් රුපියල් දහසක මාරු සල්ලි ලබා දෙන්නේ නම් මේ තත්ත්වය බොහෝදුරට අවම වේයැයි විශ්වාස කරන බව ද ඒ මහතා පැවසීය.

තම සංගමය සමග සාකච්ඡා කොට මෙම සංශෝධන තීරණය කළේ නම් මෙම ගැටුම් නොවන බව ද හෙතෙම කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *