වසර 10කදී මෙරට දුම්වැටි අලෙවිය සියයට 50කින් පහළට

වසර 10ක කාලය තුළදී දුම්වැටි අලෙවිය 50%ට ආසන්න අගයකින් පහත බැස තිබෙන බවට සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ආයතනය) සඳහන් කරයි.

එහෙත් ගෙවීගිය කාලය සැලකීමේදී දුම්වැටි නිෂ්‍පාදනය කරන සමාගම්වල ලාභය දෙගුණයකින් ඉහළ ගොස් තිබෙන බවද එම ආයතනය පෙන්වා දෙයි.

මේ පිළිබඳව වර්තමාන රජය අවධානය යොමු කළ යුතු බවත්, කිසියම් කර්මාන්තයකින් ඔවුන්ගේ අලෙවිය 50%කින් පමණ පහත වැටෙද්දී ඔවුන්ගේ ලාභය ඉහළ යාම පිළිබඳව සොයා බැලිය යුතු බවද සඳහන් කරයි.

සාමාන්‍යයෙන් සිදුවන්නේ යම් භාණ්ඩයක අලෙවිය අඩු වන විට අදාළ ආදායමට ලැබෙන ආදායම් අඩු වී, ලැබෙන ලාභයත් අඩු වීම බවද පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *