කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (27) දිනයේ ඉහල යාමක් දක්නට ලැබුණා.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 85.80කින් ඉහළ ගොස් ඒකක 13,049.83ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 32.49කින් ඉහල ගොස් ඒකක 3876.61ක් ලෙස දැක්වුණා.
දිනයේ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 3.6ක්.