ජනවාරි සිට මේ දක්වා වසරේ ගත වූ මාස 08 තුළ රුපියල් බිලියන 1,471ක ආදායමක් ලබා ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසයි.
එය පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව ශීඝ්‍ර වර්ධනයක් බවත් පසුගිය අගොස්තු මාසයේ පමණක් රේගුව රුපියල් රුපියල් බිලියන 244ක් උපයා ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා කීවේය.
පසුගිය මාස කිහිපය තුළ සිදු කළ ආදායම් ඉපයීම්වලින් ජූලි මාසයේ දී රුපියල් බිලියන 231ක්ද ජූනි මාසයේ දී රුපියල් බිලියන 200ක ආදායමක්ද උපයා ඇතැයිද හෙතෙම කීවේය.
මේ ආදායම් උත්පාදනය කිරීම සඳහා රේගුවේ කාර්ය මණ්ඩලය සේවා දායකයන් වෙත උපරිම කාර්යක්ෂමතාවක් ලබා දෙමින් කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කීවේය.