2024 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09ක කාලපරිච්ඡේදය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති සමස්ත ප්‍රේෂණ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 4,843.8 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙය 2023 වසරේ මුල් මාස 09 තුළ ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය හා සැසඳීමේ දී 11.5% ක වර්ධනයකි.
මෙහිදී මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ 2024 සැප්තැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 555.6ක ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවයි. 2024 අගෝස්තු මාසයේ දී මෙම වටිනාකම සටහන් වූයේ ඩොලර් මිලියන 577.5 ක් වශයෙනි.