මෙවර නිදහස් උත්සවය මහජනතාවට විවෘත කරයි

77 වැනි ජාතික නිදහස් දින උත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය අචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.

ස්වදේශ කටයුතු ශ්‍රවණාගාරයේ අද (30දා) පැවති 77 වැනි ජාතික නිදහස් දින සැමරුමේ ප්‍රථම සංවිධාන කමිටු රැස්වීමට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙවර ජාතික නිදහස් සැමරුම් උත්සවය මහජනතාවට නැරඹීම සඳහා අවස්ථාව හිමිකර දීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.

නිදහස් උත්සවය සඳහා 1,600ක් පමණ ආරාධිතයින් සහභාගි වීමට නියමිත අතර, මෙවර ජාතික නිදහස් උත්සවය රටේ අභිමානය විදහා දැක්වෙන පරිදි උත්කර්ෂවත්ව සහ වියදම් අඩු කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *