අලුත් අවුරුද්දේ පොලිස් නිළධාරීන්ට තෑගි බාර ගැනීම තහනම් කරයි

නව වසර උදා වේ සාමාන්‍ය සම්ප්‍රදායක් ලෙස සිද්ධ වන, ඉහළ නිළධාරීන්ට තුටු පඩුරු (හැම්පර්ස්) පිරිනැමීම වළක්වාලමින් වැඩ බලන පොලිස්පතිවරයා විසින් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ. 

ඒ අනුව, ඉහළ පොලිස් නිළධාරීන්ට තුටු පඩුරු පිරිනැමීමත්, එම ඉහළ නිළධාරීන් විසින් එකී තුටු පඩුරු භාර ගැනීමත් මින් ඉදිරියට තහනම් ය. 

මෙයපොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට සියළු ඉහළ ජ්‍යේෂ්ඨ නිළධාරීන්ට අදාල ය. 

මෙම චක්‍රලේඛය පිළිනොපදින ඕනෑම නිළධාරියෙකුට එරෙහිව විනය පියවර ගන්නා බවද වැඩබලන පොලිස්පතිවරයා පවසයි. 

නව වසර වෙනුවෙන් ඉහළ නිළධාරීන්ට සුබ පැතීමට අවශ්‍ය නම්, ඒ සදහා ඔවුන් හමුවිය යුතු නැති බව අවධාරණය කරන වැඩබලන පොලිස්පතිවරයා, එය වට්ස්ඇප් පණිවිඩයක් මගින් කළ හැකි බවද සිහිපත් කර දෙයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *