රුපියල් 41ට අඩුවෙන් බිත්තර දෙන්න නිෂ්පාදකයෝ එකග වෙයි


සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය විසින් අද (26) දිනට අදාළ තොග මිල ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව රතු බිත්තර තොග විකුණුම් මිල රුපියල් 36ක් වන අතර සුදු බිත්තර තොග මිල රුපියල් 35ක්.

අදාළ මිල ගණන් සම්බන්ධයෙන් තමන් පූර්ණ නෛතික වගකීමක් දරණ බවට ද සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය අවධාරණය කරනවා.

මේ අතර බිත්තරයක් රුපියල් 41ට අඩු සිල්ලර මිලකට අලෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳපොළට නිකුත් කිරීමට එම නිෂ්පාදකයින් එකඟත්වය පල කර තිබෙනවා.

ඒ, බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමඟ වෙළඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *