මාස 8ක් තුළ රුපියල සියයට 7.9කින් ශක්තිමත් වෙයි

මේ වසරේ (2024) පළමු මාස අටේදී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 7.9කින් ශක්තිමත් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඉකුත් අගෝස්තු මාසයේදී විටින්විට ඇතිවූ යම් අවප්‍රමාණය වීමේ පීඩනයන් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වූ බව ද මහ බැංකුව පවසයි.

මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ.

එසේම මේ වසරේ (2024) පළමු මාස අටේදී ශ්‍රී ලංකා රුපියල යුරෝ මුදලට සාපේක්ෂව සියයට 7.9කින් ද, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 4.4කින් ද, චීන යුවාන් මුදලට සාපේක්ෂව සියයට 7.9කින් ද, ජපන් යෙන් මුදලට සාපේක්ෂව සියයට 10.5කින් ද, ඕස්ටේ්‍රලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 8.6කින් සහ ඉන්දියානු ඩොලරයට සාපේක්ෂව සියයට 8.8කින් ද ශක්තිමත් වී ඇතැයි එහි වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *