ශ්‍රි ලංකා රුපියල යළිත් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 290.64ක් ලෙස සටහන් විය.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 299.20ක් ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *