කතානායක ධුරයට නම් 03ක් ඉදිරිපත් වෙයි

මීළඟ කතානායක ධුරයට නියෝජ්‍ය කතානායක  වෛද්‍ය රිස්වි සාලි සහ  ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනාරච්චි යන මන්ත්‍රීවරුන්ගේ නම්   යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

කෙසේ වෙතත් රජය ඉදිරි දින කිහිපයේදී මේ පිළිබඳ  අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි වාර්තාවේ.

කතානායක ධුරය සඳහා  නිහාල්  ගලප්පත්ති මහතාගේ නම මීට පෙරද යෝජනා වී තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *