ව්‍යාජ සුදුසුකම් ඇති මන්ත්‍රීවරු ඉල්ලා අස් විය යුතුයි – නාමල් රාජපක්ෂ

කථානායක අසෝක සපුමල් රංවල විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි පැවසෙන ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සමාජ විරෝධය හේතුවෙන් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රශංසනීය බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කරනවා.

එසේ වුවද තවදුරටත් චෝදනා එල්ලවන ආණ්ඩුවේ අනෙකුත් මන්ත්‍රීවරුන් ද තමන් සමාජගත කර ඇති අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට අපොහොසත්වන්නේ නම් වහාම ඉල්ලා අස්විය යුතු බවයි හිටපු අමාත්‍යවරයා පවසන්නේ.

Xහි සටහනක් තබමිනුයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සුපිරිසුදු පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යාමේ දර්ශනයට විරුද්ධව, එම පක්ෂයේම ඇතැම් මන්ත්‍රීවරුන් තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ජනතාව නොමග යවා තිබීම අතිශය කණගාටුදායක බවයි ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *