මෙරට සංචාරක ක්ෂේත්රය මෙම වසරේ පළමු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 1.56ක ආදායමක් උපයාගෙන තිබෙනවා.
ඒ පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 77ක වර්ධනයක් වාර්තා කරමින්.
ජූනි මාසයේදී සංචාරකයන් පැමිණීමේ පසුබෑමක් තිබියදීත්, සංචාරක අංශය ඩොලර් මිලියන 151.1ක් උපයා තිබෙනවා.
මෙය 2023 වසරේ මෙම කාලපරිච්ඡේදය හා සසඳන විට සියයට 23ක වැඩිවීමක්.
ජූනි මාසයේ පැමිණීමත් සමග, වසරේ මුල් භාගයේ දී ශ්රී ලංකාව පැමිණීම් 1,010, 249 ක් සමඟින් මිලියනය පසුකරනු ලැබුවා.
ජූනි මාසයේදී සංචාරකයන් 113,470ක් මෙරටට පැමිණ ඇති අතර, මැයි මාසයේදී පැමිණි අමුත්තන් 112,128න් ඩොලර් මිලියන 154.0ක් පමණක් උපයා ගැනීමට හැකිව තිබෙනවා.
ශ්රී ලංකාව වසර අවසන් වන විට මිලියන 2.4ක පමණ සංචාරක පැමිණීම් අපේක්ෂා කරන අතර, සමස්ත ඉපැයීම්වලින් අමෙරිකානු ඩොලර් බිලියන 3.5ත් 4.0ත් අතර ප්රමාණයක් අපේක්ෂිතයි.