පාතාලයට සම්බන්ධ මිනීමරුවන් වැඩිකල් නොයා අල්ලනවා – වැඩබලන පොලිස්පති කියයි

පාතාල කල්ලිවලට සම්බන්ධව මේ දිනවල මිනිස් ඝාතන සිදුකරන පිරිස හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට දෙවන පරම්පරාවක් සිටින බවත් පැවසූ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඉතා ඉක්මනින්ම ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බව යාපනයේදී පැවසීය.

යාපනයේ සංචාරය කළ වැඩ බලන පොලිස්පතිවරයා එහි උත්සව අවස්ථා කීපයකට සහභාගි වූ අවස්ථාවේදී මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩ බලන පොලිස්පතිවරයා කියා සිටියේ වර්තමානයේ එක්වරම මිනිස් ඝාතන හා අපරාධ රැල්ලක් ක්‍රියාත්මක වී ඇති බවයි. මේ අපරාධ රැල්ලට පාතාලයේ සෘජු සබඳතාවක් ඇති බවත් ඊට දෙවන පරම්පරාවක සහයෝගයක් ලැබෙන බවට හඳුනාගෙන ඇති බවත් කී හෙතෙම වහාම මේ පිරිස අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවද කියා සිටියේය.

ආරක්ෂක හේතූන් මත හා ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර රැසක් දියත් කොට තිබීම නිසා මේ සම්බන්ධයෙන් මාධ්‍යයට වැඩි යමක් ප්‍රකාශ කළ නොහැකි බවද වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *