එළැඹෙන පෙබරවාරි මාසය වනවිට යළි වාහන ආනයන කිරීමට හැකිවනු ඇති බවට විශ්වාසයක් පවතින බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් පවසනවා.
පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශකර සිටියේ මෙවැනි අදහසක්.
”පෙබරවාරි අනිවාර්ය වශයෙන් අපිට වාහන ගෙන්නන්න පුළුවන් වෙනවා. මොකද මේ රජය ප්‍රතිපක්තියක් හැටියට වාහන ගෙන්වන්න අපිට අනුමැතිය දෙනවයි කියලා අපිට වචනයක් දීලා තියෙනවා මේ රජය විසින්. ඒ වගේම තමයි අපි ලෑස්තියි වාහන ගේන්න. ඒ වගේම හොඳ වාහනයක් ජනතාවට සාධාරණ මුදලකට දෙන්න මෙය මගින් ලැබෙනවා. මං හිතන්නේ අවුරුදු ගාණක් මේ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ, මල්ඵල ගැන්වීම, කෙටි කලක් උදා වෙයි කියලා මම විශ්වාස කරනවා.මං රටට සුබදායී පණිවිඩයක් දැන් මේ අරන් ඇවිල්ලා ඉන්නේ. අපිට වාහන ආනයනය දැන් නවත්තලා අවුරුදු ආසන්න වශයෙන් පහක් වෙනවා. දැන් මේක කොළ එළියක් ලැබිලා තියෙනවා මේක පටන් ගන්න. ඒ වගේම තමයි දැන් රජයත් ඒ වගේම ජනාධිපතිතුමත් දීලා තියෙනවා දැන් පෙබරවාරි කමිටුව ඊට පස්සේ මේ වාහන ගෙන්වීම ප්‍රකෘති කරනවා කියලා. මොකද පෙබරවාරි, දැනට ඇත්තටම කියනවා නම් මහ බැංකුවෙන් ඒ මුදල් වෙන් කරලා දෙන්න කැමති වෙලා තියෙනවා. ඒ වගේම අයි එම් එෆ් එකේ මේ සඳහා වාහන ගෙන්වීම සඳහා ඒගොල්ලෝ අනුමැතියක් ලබාදීලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා.ඉතින් ඒකත් එක්කම දැන් මේ හැම අවස්ථාවක්ම ලැබිලා තියෙනවා. එතනින් එහාට මේ වාහනවලට තියෙන යම්කිසි සීමා සහිත මුදලක් ඒ මුදල නිසි කළමනාකරණයක් කිරීම සහ මධ්‍යම ප්‍රමාණ සාමාන්‍ය අහිංසක ජනතාවට සාධාරණ මුදලක් වාහනයක් ගැනීමේ ක්‍රමයක් හැදීම අපි කළ යුතුයි. ඒ සඳහා දැන් ඉදිරියේදී සංගමය අපි බලාපොරොත්තු වෙනවා රජයේ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරුත් සමඟ සාකච්ඡා කරන්න. මං හිතන්නේ කාර්යබහුල වෙන්න පුළුවන් මුදල් අමාත්‍යවරුනුත්. ඔවුනුත් මේකත් රටේ අත්‍යවශ්‍ය දෙයක් වාහන කියන එක. ඔවුන් අවස්ථාව දෙන්න ඕනේ.මොකද මේ අවස්ථාවේ නිසි ක්‍රමවේදයක් හදන්න ඕනේ. මොකද මෙච්චර කල් මේ රටේ තියෙන විදේශ මුදල් සංචිත නාස්ති වෙලා අකාර්යක්ෂම වෙලා ඒ වගේම මේ ආර්ථිකය විනාශ වෙන්න ලොකු හේතුවක් තමයි ඒ ක්ෂේත්‍රයේ අයගේ දැනුම අරං නිසි කළමනාකාරිත්වයක් නැතුව වැඩ කිරීම මං හිතනවා ජාතික ආණ්ඩුවක් හැටියට අපි අද අපි මේ ජනතා ලොකු විශ්වාසයක් තියපු රජයක් හැටියට එහෙම කරන එකක් නැහැ. ඔවුන්ට අපි මේක පොඩි ඉඩක් දෙන්න ඕනේ කාර්යබහුලයි මම දන්නවා හැබැයි මේකත් අත්‍යවශ්‍ය දෙයක්. ඒකට කෙටි වෙලාවක් වෙන් කරන්න ඕනේ රජයේ මේ මුදල් අමාත්‍යාංශය ඉදිරියේදී පෙබරවාරි රටට ගැලපෙන මොනවද වාහන කියලා කරන්නේ. ඒ වගේම අපි දන්නවා පහුගිය කාලේ අනිසි ලෙස, වංචනික ලෙස මේ මහා ලොකු සමාගම් ලොකු ගණන් වල වාහන දැන් තුන්දාහක් විතර අත්තිකාරම් අරන් තියෙනවා. එහෙම කරන්න දෙන්න බැහැ. මොකද ඒ වගේ වාහන විතරක් නෙමෙයි, අහිංසක ජනතාවටත් වාහනයක් ගන්න තියෙන්න ඕනේ.
මේ එක්කෙනෙක්, දෙන්නෙක් මහා පරිමාන බහුජාතික සමාගම් වලට විතරක් නෙමෙයි මේක ලැබෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේක ජාතික ආණ්ඩුවක්. වෙනදට අපිට ගිහිල්ලා කතා කරන්න බැහැ. කතා කෙරුවොත් අපි කියන දේ අහලා, බොරුවට දේවල් කරලා, අපිව ප්‍රතික්ෂේප කරනවා. අපි බලාපොරොත්තු වෙනවා, අපේ අලුත් ජනාධිපතිතුමා බොහොම හොඳ කෙනෙක්. තේරෙන කෙනෙක්. එතුමා අපිව ඉදිරියේදී බොහොම කෙටි කාලයක් තුළ අපි ඉල්ලලා තියෙනවා එතුමාගේ සාකච්ඡා. අපිව ගෙන්නලා, මේකේ තියෙන පුළුල්ව සාකච්ඡා කරලා, ඉතා ඉක්මන් තීරණයක් අරන්, හරි විදියට දේවල් කරන්න. අපිට ඒ දැනුම තියෙනවා. අපිට ඒ වගේ වාහන ගෙන්වලා දෙන්න හොඳ වාහන ජනතාවට ගෙන්වන එක අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා.