අයහපත් කාලගුණය හේතුවෙන් හානි වූ මනම්පිටිය – අරලගංවිල මාර්ගයේ පාලම දින 2ක් ඇතුළත නැවත සාදා නිම කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ අදාළ නිලධාරීන් සහ සේවකයින් සමත් වී තිබෙනවා.
සාමාන්‍යයෙන් මෙවැනි ඉදිකිරීමක් සඳහා දින 15ක් වැනි කාලයක් ගත වන නමුත් අදාළ නිලධාරීන් දිවා රෑ නොබලා සිදු කළ කැප කිරීමක ප්‍රතිඵල ලෙස දින දෙකකින් මෙය නිම කිරීමට හැකියාව ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මනම්පිටිය – අරලගංවිල මාර්ගයේ මෙම පාලම අද (01) උදෑසන සිට රථ වාහන ධාවනය සඳහා නැවතත් විවෘත කර තිබේ.