ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගන්නා ලද බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
රේණුක පෙරේරා මහතා එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළකළේ යැයි චෝදනාවක් එල්ල වී තිබූ අතර එම චෝදනාව ඔහු අත්අඩංගුවට ගත් බව ද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.