කතානායක තු-මා විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙන ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සත්‍යයෙන් තොර බවට සමාජ මාධ්‍යයේ යම් ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ.
ඊයේ දිනයේ සිට නිර්මාණය වී තිබෙන මෙම සංවාදයට, මේ වන විට හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාද මැදිහත් වී සිටියි.
සිය නිල ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින්, මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ, කතානායක අශෝක රන්වල මහතා ඔහුගේ උපාධිය පිළිබද සැබෑ තොරත-ුරු අනාවරණය කළ යුතු බවයි.
එසේ කළ නොහැකි නම්, ඉල්ලා අස්වන ලෙසද ඔහු කතානායකගෙන් ඉල්ලා සිටියි.
සිය අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීමට නොහැකි වුවහොත්, කතානායකවරයා සම්බන්ධයෙන් ඔහු මැතිවරණයට ඉදිරිපත් වූ පක්ෂය විසින් තීරණයක් ගත යුතු බවද හිටපු මැතිවරණ කොමසාරිස් අවධාරණය කරයි.