කථානායකවරයාගේ ඉල්ලා අස්වීම අප ජනතාවට වගවුන දේශපාලන සංස්කෘතිය ක්‍රියාත්මක බවට වූ සහතිකයි – මන්ත්‍රී ඉන්දික

කථානායකවරයාට එදිරිව එල්ලවන චෝදනා හමුවේ ඔහු එම තනතුරින් ඉල්ලා අස්වීම රජය විසින් ජනතාවට වගවූ නව දේශපාලන සංස්කෘතිය ක්‍රියාත්මක බවට ලබා දෙන සාක්ෂියක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික ආණ්ඩුවේ ස්ථාවරය දක්වමින් අද ප්‍රකාශ කළේය.

සිරස රූපවාහිනියේ දවස වැඩසටහනට එක් වෙමින් ඔහු ප්‍රකාශ කළේ වසර විස්සකට කලින් සම්පූර්ණ කළ ආචාර්ය උපාධියක අවශ්‍ය තොරතුරු ක්ෂණිකව ඉදිරිපත් කිරීමට ඇති අපහසුතාවය මුල් කරගෙන ඒ තත්ත්වය ලිඛිතව ප්‍රකාශ කර කථානායකවරයා ධූරයෙන් ඉවත්වීම වැනි සිදුවීම් මින් පෙර ලංකා ඉතිහාසයේ සිදු නොවුන බවය.

නජිත් ඉන්දික මන්ත්‍රීවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

කතා නායකතුමාට චෝදනාවක් එල්ලවුනා එතුමා ආචාර්ය නම එතුමාගෙ නමට මුල තියනවා. ඒක භාවිතා කළා. ප්‍රශ්නයක් ආවා එහෙම දෙයක් නෑ කියලා. මේක ඇදි ඇදි ගියා.

කථානායකවරයාට එදිරිව එල්ලවන චෝදනා හමුවේ ඔහු එම තනතුරින් ඉල්ලා අස්වීම රජය විසින් ජනතාවට වගවූ නව දේශපාලන සංස්කෘතිය ක්‍රියාත්මක බවට ලබා දෙන සාක්ෂියක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික අද ආණ්ඩුවේ ස්ථාවරය දක්වමින් අද ප්‍රකාශ කළේය.

සිරස රූපවාහිනියේ දවස වැඩසටහනට එක් වෙමින් ඔහු ප්‍රකාශ කළේ වසර විස්සකට කලින් සම්පූර්ණ කළ ආචාර්ය උපාධියක අවශ්‍ය තොරතුරු ක්ෂණිකව ඉදිරිපත් කිරීමට ඇති අපහසුතාවය මුල් කරගෙන ඒ තත්ත්වය ලිඛිතව ප්‍රකාශ කර කථානායකවරයා ධූරයෙන් ඉවත්වීම වැනි සිදුවීම් මින් පෙර ලංකා ඉතිහාසයේ සිදු නොවුන බවය.

නජිත් ඉන්දික මන්ත්‍රීවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

කතා නායකතුමාට චෝදනාවක් එල්ලවුනා එතුමා ආචාර්ය නම එතුමාගෙ නමට මුල තියනවා. ඒක භාවිතා කළා. ප්‍රශ්නයක් ආවා එහෙම දෙයක් නෑ කියලා. මේක ඇදි ඇදි ගියා.

 පහුගිය දවස් කීපයේ අප නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ ආණ්ඩුවක් විදිහටත්. පක්ෂයක් විදිහටත්. කෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් ගැන චෝදනාවක් එල්ල වුනාට පස්සේ ඒ අවස්ථාව ලබා දිය යුතුයි පුද්ගලයට. පක්ෂවලට සම්බන්ධ කරගන්නේ රැකියාවකට වගේ අධ්‍යාපන සුදුසුම් ගැන සහතික පරීක්ෂා කරල නෙමෙයි නෙ. එතුමට අපි අවස්ථාව දුන්නා සහ එතුමත් එක්ක ඒක සාකච්ඡා කළා.

සාකච්ඡා කළාට පස්සේ අපිට එන්න පුලුවන් වෙච්චි තැන එක්ක තමයි එතුමා අද දවසේ ඉල්ලා අස්වීම ප්‍රකාශ කළේ. එතුමා ඉල්ලා අස් වෙනවා කියලා මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරලා තියනවා.
එතුමා කියන්නේ මේක අවුරුදු විස්සකට කලින් විතර සම්පූර්ණ කළ දෙයක්. මේ සමාජ කථිකාව හැදෙන වේගයෙන් ඒ සහතික ගන්න බෑ කියලා.

මුලින් අපේ පැත්තෙන් පවා ඉදිරිපත් වුනා ඒකට අවශ්‍ය කාලය ගන්න කියලා. නමුත් එතුමා මේ හැදෙන කතා බහ, අපි දේශපාලනික වශයෙන් සමාජයත් එක්ක තිබුණු ගනුදෙනුව ඒකට යම් හානියක් වෙන නිසා ඉල්ලා අස්වෙන්න ලිපියක් භාර දීලා තියනවා.
මම අහන්නේ මේ ලිපිය තමයි අපේ දේශපාලන වගවීමේ සහ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහාවන සාක්ෂිය. ලංකාවේ කවුද මෙහෙම කරලා තියෙන්නේ

One thought on “කථානායකවරයාගේ ඉල්ලා අස්වීම අප ජනතාවට වගවුන දේශපාලන සංස්කෘතිය ක්‍රියාත්මක බවට වූ සහතිකයි – මන්ත්‍රී ඉන්දික

  1. බොරු ආචාර්‍යය පට්ටං පෙන්නලා චන්දෙට ඉදිරිපත් වීම,මන්ත්‍රී දූරයක් ලබාගැනීම,ආචාර්‍ය රංවල නමින් කතා නායක දූරය ලබාගැනීම වගවීමද?මාට්ටු වෙලත් උපාධි තියෙනවා කිය කිය ඉඳල යන්න වෙනබව දැනගෙන ඉල්ලා අස්වීම වගවීමක් නෙවෙ පචවීමක්.
    හැබැයි මන්ත්‍රී දූරයෙන් නෙරපාදමල ඕන නම් වගවීම ඔප්පු කරන්න පුලුවන් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *