මහින්දගේ ආරක්ෂාවට අවුරුද්දකට ලක්ෂ 3260ක් වියදම් කල ඇති බව අනාවරණය වෙයි

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් මිලියන 1100 ක මුදලක් වැය කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි. 

ඉන් වැඩිම මුදලක් වැය කරනු ලබන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩි දුරටත් පවසයි. 

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් රජය වාර්ෂිකව වැය කරන මුදල රුපියල් ලක්ෂ 3260 කි. 

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් සිදු කිරීමට රජය පියවර ගෙන තිබුණු අතර, ඒ අනුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි පොලිස් නිළධාරීන් සංඛ්‍යාව 60 දක්වා අඩු කිරීමට නව රජය කටයුතු කර තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *