අතිවිශේෂ අරක්කු මිල රුපියල් 1000කින් පහළ දාන්න යයි


ඉදිරියේදී මත්පැන් මිල පහත දැමීමට කටයුතු කෙරෙමින් පවතින බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසනවා.

ඒ අනූව මි.ලී 750 අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 900-1000 අතර මුදලකින් සහ මි.ලී 175 ප්‍රමාණයේ කාලෙ බෝතලයක මිල රුපියල 200කින් පමණ අඩුවනු ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර සුරාබදු කොමසාරිස්වරයා සහ මත්පැන් සමාගම් අතර පසුගියදා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී සුරාබදු කොමසාරිස්වරයා දන්වා ඇත්තේ මත්පැන් සඳහා වැඩි වශයෙන් භාවිතා කරන ස්ප්‍රීතුවල මිල අඩුවී ඇති බවයි.

එම නිසා අරක්කු මිල අඩුකරන ලෙසයි ඔහු ඉල්ලා ඇත්තේ.

මෙහිදී මත්පැන් සමාගම් අවධාරණය කොට ඇත්තේ අරක්කු බෝතල්වල මිලෙන් 80% ක් 90%ක්ම වැට් සහ වෙනත් බදුවලින් සමන්විත බවයි.

ඉකුත් 2023 ජූලි පළමුවැනිදා නිකුත්කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අනූව මත්පැන සහ මධ්‍යසාර මිල ඉහළ දැමුවා.

ඒ අනූව අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 1000කින් ඉහළ ගියා.

මේ හේතුවෙන් ඉදිරියේදී අරක්කු සහ බියර් මිල සැලකිය යුතු මිලකින් පහත යනු ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *