ඉදිරි මාස දොළහ තුළ දී ආර්ථිකය යහපත් ලෙස වර්ධනය වනු ඇතැයි ජනතාවගෙන් 41% ක් විශ්වාසය තබන බව ලංකාවේ ප්රකට ව්යාපාරික සඟරාවක් වන එල්.එම්.ඩී විසින් කරන ලද සමීක්ෂණයකින් තහවුරු වී තිබේ.
මෙම සමීක්ෂණය, අදාල සඟරාව විසින් මාසිකව සිදු කරමින් පවතින එකකි.
එම සමීක්ෂණයට අනුව පසුගිය සැප්තැම්බරයේ දී ආර්ථිකය සුබවාදී අතට වෙනස්වනු ඇතැයි විශ්වාස කර තිබුණේ, සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 8% ක් පමණි.
සැප්තැම්බරයේ 8% ක් ලෙස පැවති එම විශ්වාසය ඔක්තෝබරයේ 41% දක්වා ඉහළ යාම, 33% ක වර්ධනයකි.