වී වගාවට පොහොර මිල දී ගැනීම සඳහා දැනට රජය විසින් ලබා දෙන රුපියල් 10,000ක් වූ පොහොර සහනාධාරය ලබන වසරේ සිට රුපියල් 30,000ක් දක්වා වැඩි කිරීමට රජයට යෝජනා ඉදිරිපත් කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දැනට රටේ ආර්ථිකයේ යම් ස්ථාවරභාවයක් ඇති වී තිබෙන හෙයින් පොහොර සහනාධාරය සඳහා ලබා දෙන මුදල වැඩි කිරීමට හැකියාවක් ඇතැයි කී අමාත්‍යවරයා එමනිසා ලබන වසරේ යල කන්නයේ සිට පොහොර සහනාධාර මුදල රුපියල් 30000ක් දක්වා වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉදිරි මහ කන්න දෙකේ දී MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ගොවි ජනතාවට නොමිලයේ ලබා දීමට ද නියමිත බව කී අමාත්‍යවරයා ඒ අනුව ගොවීන්ට අවශ්‍ය සමස්ත MOP පොහොර ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට පියවර ගන්නා බව සඳහන් කළේය.
පොහොර සහනාධාරය රුපියල් 30,000ක් දක්වා වැඩි කළහොත් ඒ සඳහා රුපියල් බිලියන 30ක පමණක් මුදලක් වැය වෙනු ඇතැයි ද අමාත්‍යවරයා කීය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.