සංචාරකයින්ගෙන් ලංකාව ඩොලර් බිලියන 1.8ක ආදායමක් හොයයි

2024 වසරේ ජූලි මාසය තුළ දී ඩොලර් මිලියන 328.3 ක ආදායමක් සංචාරක කර්මාන්තය හරහා ඉපැයීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ.

ඒ අනුව වසරේ මුල් මාස 07 තුළ සමස්ත සංචාරක ඉපැයීම ඩොලර් බිලියන 1.88 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙය පසුගිය 2023 වසරේ මුල් මාස 07 තුළ වාර්තා වූ ඩොලර් බිලියන 1.09 ක සංචාරක ඉපැයීම් හා සැසඳීමේ දී 72.3% ක කැපීපෙනන වර්ධනයකි.

පසුගිය ආසන්නතම වසර කිහිපය සැසඳීමේ දී 2022 වසරේ දී ඩොලර් බිලියන 1.13ක හා 2023 වසරේ දී ඩොලර් බිලියන 2.06 ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

සංචාරක කර්මාන්තය හරහා ශ්‍රී ලංකාව උපයන ලද වැඩිම විදේශ විනිමය ප්‍රමාණය 2018 වසරේ දී වාර්තා වූ අතර එය ඩොලර් බිලියන 4.38 ක් ලෙසින් සටහන් විය. එම වසරේ දී මෙරටට පැමිණ තිබුණු සමස්ත සංචාරකයින් සංඛ්‍යාව මිලියන 2.33 කි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන පරිදි 2024 වසරේ අගෝස්තු 14 වන දින විට වසරේ මේ දක්වා කාලය තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව මිලියන 1.28 ක සීමාව ඉක්මවා ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *