ජනතා බදු මුදලින් ශ්‍රි ලංකන් ගුවන් සේවය නඩත්තු කිරිම නවතියි – රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වයකට යන්න රජය තීරණය කරයි

ශ්‍රීලංකන් ගුවන් සේවය (SriLankan Airlines) රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආකෘතියක් යටතේ ඉදිරියට පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බව ගුවන් සේවා අමාත්‍ය අනුර කුමාරණතිලක මහතා පවසයි.

රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ බදු ගෙවන්නන්ගේ මුදලින් ජාතික ගුවන් සේවය නඩත්තු කිරීම තවදුරටත් කළ නොහැකි මට්ටමට පත්ව ඇති බවයි.

ගුවන් සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා 2030 වසර දක්වා වාර්ෂිකව රුපියල් බිලියන 30 බැගින්, රුපියල් බිලියන 90ක මුදලක් වෙන් කිරීමට රජයට සිදුව ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

ගුවන් සේවය සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය කිරීමට රජයේ අදහසක් නොමැති අතර, පවත්නා රාජ්‍ය වත්කම් සුරකිමින් ඒකාබද්ධ හවුල්කාරිත්ව ව්‍යුහයක් යටතේ පෞද්ගලික ආයෝජන ලබා ගැනීමට බලාපොරොත්තු වේ.

හදිසි සහ ආපදා අවස්ථාවලදී ජාතික ගුවන් සේවයක මැදිහත්වීම අත්‍යවශ්‍ය බැවින් (උදාහරණ ලෙස කොවිඩ් සමයේ චීනයේ සිරවූ සිසුන් සහ ඉන්දියාවේදී රථවාහන අනතුරකට මුහුණ දුන් පාසල් දරුවන් මෙරටට ගෙන්වා ගැනීම) රජයේ යම් මට්ටමක පාලනයක් හෝ සම්බන්ධතාවයක් එහි පැවතිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *