ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ජනගහනය 184,800 දක්වා වේගයෙන් ඉහළට යයි

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකාවේ උපන් ජනගහනය 2025 මැද භාගය වන විට 184,800ක් දක්වා වර්ධනය වී ඇති බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත අනාවරණය කරයි.

2024 ජූනි මාසයේ 172,800ක් සහ 2023 ජූනි මාසයේ 158,300ක් ලෙස වාර්තා වූ සංඛ්‍යාවන්ට සාපේක්ෂව මෙය කැපී පෙනෙන වර්ධනයකි. කොවිඩ් වසංගතයෙන් පසු ඇති වූ සංක්‍රමණ ප්‍රවණතාව තවමත් අඛණ්ඩව පවතින බව මෙමගින් පෙනී යයි.

Top 10 අතර ශ්‍රී ලංකාව

මෙම වර්ධනයත් සමඟ ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ විදේශයන්හි උපන් ජනගහන අතර 10 වන ස්ථානය දක්වා පැමිණ තිබේ. ශ්‍රී ලංකාව දැන් මැලේසියාවේ උපන් පදිංචිකරුවන්ට වඩා ඉදිරියෙන් සිටින අතර තවත් සංක්‍රමණික ප්‍රජාවන් කිහිපයකටම වඩා ඉදිරියෙන් සිටී

දශකයක දී 74,000ක වැඩිවීමක්

ගත වූ දශකය තුළ ශ්‍රී ලාංකික ජනගහනය සැලකිය යුතු ලෙස ව්‍යාප්ත වී ඇත. 2013 දී 110,000ක් පමණ වූ ප්‍රජාව 2025 දී 185,000කට ආසන්න වී තිබේ. ඕස්ට්‍රේලියාවේ මුළු සංක්‍රමණික ජනගහනයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රතිශතය ද ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.

නවතම ඇස්තමේන්තු අනුව, ඕස්ට්‍රේලියාවේ විදේශයන්හි උපන් විශාලතම කණ්ඩායම ඉන්දියාවේ උපන් පදිංචිකරුවන් වන අතර, එංගලන්තයේ උපන් අය දෙවන ස්ථානයේ සිටී.

මෙම සංඛ්‍යා ලේඛන පදනම් වී ඇත්තේ ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කරන ලද උපන් රට අනුව ජනගහන දත්ත මතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *