වසරේ මුල් මාස හය ත-ුළ ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 10.4 ක අපනයන ආදායමක් උපයා ඇති බව මහබැංකුව පවසයි.
පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සැසදීමේ දී සේවා අපනයනයේ යම් අඩු වීමක් පෙන්නුම් කළද, වෙළද භාණ්ඩ අපනයනය 6.3% කින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව භාණ්ඩ හා සේවා යන දෙඅංශයේ වර්ධනය, පසුගිය වසරට සාපේක්ෂව 3.3% කි.
කෙසේ වෙතත්, අපනයන ආදායමට සාපේෂව ආනයන වියදම ඉහළ යාම හේතුවෙන්, වසරේ මුල් මාස හය තුළ වාර්තා වන වෙළද හිගය ඩොලර් බිලියන 5.5 කි.
වසරේ මුල් මාස හය තුළ, ඉන්ධන ආනයනය සදහා කළ වියදම පසුගිය වසරට සාපේක්ෂව 58.8% කින් ඉහළ ගොස් තිබේ.