මධ්‍යම අධිවේගයේ කඩවත – මීරිගම කොටසේ වැඩ නිල වශයෙන් ඇරඹෙයි


මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ යළි ඉදිකිරීම් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදුවුණි.

ඒ අනුව කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම් ද ආරම්භ කෙරෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 8.6ක මුදලක් රජය විසින් වෙන්කර තිබේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම මාර්ගය සඳහා වෙන්කර තිබූ ණය පහසුකම් අත්හිටුවීම නිසා මෙම කොටසේ ඉදිකිරීම් 2022 මැද භාගයේදී අත්හිටුවනු ලැබුවාය.

ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සඳහා චීනයේ අපනයන-ආනයන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණය මුදලක් අනුමත වී ඇති බව සඳහන් වේ.

මෙම ව්‍යාපෘතිය 2028 වසරේ මැද භාගය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මෙම කඩවත සහ මීරිගම අතර කොටසේ දුර කිලෝමීටර් 37කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *