නුදුරේදීම මහා සංඝරත්නය, වෘත්තීය සමිති සහ වැඩ කරන ජනතාව, රජයට එරෙහිව පාරට බැසීමට නියමිත බවත්, ඊට නායකත්වය දෙනු ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය විසින් බවත් පවසන හිටපු ඇමති පාටලී චම්පික රණවක, සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට ගැනීම පිටුපස ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය දුර්වල කිරීමේ ආණ්ඩුවේ උවමනාව බව අවධාරණය කරයි.
පරාජයේ මාවතට පිවිස ඇති බව ආණ්ඩුවට වැටහී ඇති බැවින්, ඔවුන් මර්දනය අරඹා ඇති බවද චම්පික රණවක පවසයි.