අද හන්දියට ගියාම ඇප් කියන වෙලාවටම මෙට්‍රෝ බස් එක එනවා,මේවා මහා සමාජය වෙනුවෙන් දැක්ක හීන – චතුරංග අබේසිංහ

මෙරට පොදු ප්‍රවාහන පද්ධතිය නවීකරණය කරමින් ක්‍රියාවට නැංවෙන නව වැඩපිළිවෙල සහ එහි ප්‍රායෝගික සාර්ථකත්වය පිළිබඳව අත්දැකීම් බෙදාගනිමින් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සිය ෆේස්බුක් (Facebook) ගිණුම ඔස්සේ සුවිශේෂී සහ සංවේදී සටහනක් තබා තිබේ.

කුඩා කල විදේශ රටකදී ලැබූ අත්දැකීම් සහ වත්මන් ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින සාධනීය වෙනස සංසන්දනය කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

වර්ෂ 1994 දී තමන්ට වයස අවුරුදු 10ක්ව තිබියදී බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් (Liverpool) නගරයේ වසරක් ජීවත් වූ බවත්, එහිදී නියමිත කාලසටහනට (Schedule) අනුව බස් රථ, කිරි බෙදාහැරීම් සහ අපද්‍රව්‍ය ලොරි නිසි වෙලාවට පැමිණි ආකාරය තමන් දුටු බවත් ඔහු සිහිපත් කරයි.

මේ සතියේ තමන් මෙරට හන්දියකට ගිය අවස්ථාවේදී, ජංගම දුරකථන යෙදවුම (App) මඟින් පෙන්වූ නිවැරදි වේලාවටම පොදු බස් රථය පැමිණි බව පවසන ඒ මහතා, ඒ පිළිබඳව අතිශය නිහතමානී සතුටක් සහ හැඟීම්බර වීමක් ඇති වූ බව පවසයි.

තීතයේ රට පාලනය කළ මහා දැවැන්ත යැයි කියාගත් පාලකයින්ට ඉටු කර දීමට නොහැකි වූ සාමාන්‍ය ජනතාවගේ මෙවැනි සරල බලාපොරොත්තු එකින් එක යථාර්ථයක් කිරීමට තමන් පියවර ගන්නා බව ඔහු තහවුරු කරයි.

“මහා දැවැන්ත මිනිස්සුන්ට අපේ රට පාලනය කරල කරගන්න බැරි වෙච්ච පොඩි මිනිසුන්ගේ පොඩි හීන අපි එක එක යතාර්තයක් කරන්නම්. අරගලයට දායක වූ මිලියන ගනනක් ජනතාව ඒ වෙනස කලා. පොදු ප්‍රවාහන කියන්නෙ රටක හදවත…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *