දේශපාලන පක්ෂවලින් බදු අය කරගන්න දේශිය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කරයි

ජනාධිපතිවරණයට තරග කරන ලද දේශපාලන පක්ෂ විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදුන් ප්‍රචාරක ආදායම් වියදම් වාර්තා පිළිබඳව සොයා බලා එම පක්ෂවලින් බදු අය කිරීමට කටයුතු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

අදාළ අපේක්ෂකයන්ගේ සහ දේශපාලන පක්ෂවල ප්‍රචාරක වියදම් වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරු අංශය විසින් ලබාගෙන බදු ලිපිගොනු පරීක්ෂා කිරීමට අදාළ අංශ වෙත යොමු කෙරෙන බවද එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරිනියක් කියා සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *