රට බේරාගත හැක්කේ මහින්ද රාජපක්ෂගේ සෙවනැල්ල වැනි නාමල් රාජපක්ෂ බලයට පත්කිරීමෙන් පමණයි – ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි

වත්මන් තත්ත්වයෙන් මෙම රට බේරා ගැනීමට නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සෙවනැල්ල මෙන් වෙසෙන ආදරණීය මිනිසා වන නාමල් රාජපක්ෂ මහතාව බලයට පත් කළ යුතු බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.

පොදු ජන රැලියක් අමතමින් උන්වහන්සේ අවධාරණය කළේ, රට මුහුණ දී ඇති අභියෝගවලින් මුදාගෙන ඉදිරියට රැගෙන යා හැකි එකම නායකත්වයක් සහිත පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පමණක් බවයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ආභාෂය සහ ගතිගුණ මැනවින් ප්‍රගුණ කර ඇති නාමල් රාජපක්ෂ මහතා වෙත රටේ බලය පැවරීමෙන් තොරව රට බේරා ගැනීමට වෙනත් විකල්පයක් නොමැති බව ද උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *