රට ආපහු බංකොලොත් වෙන්න පුළුවන් – උදය ගම්මන්පිල කියයි

මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාවට ණය ආපසු ගෙවීම සඳහා ඩොලර් බිලියන 14ක මුදලක් අවශ්‍ය වුවද, මේ වන විට රට සතුව ඇත්තේ ඩොලර් බිලියන 6ක පමණ විදේශ සංචිතයක් බවත්, ඉන් ඩොලර් බිලියන 2ක් පමණ භාවිත කළ නොහැකි මුදල් බවත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ හේතුවෙන් විදේශ සංචිත ඉහළ නංවා ගැනීම සඳහා ආණ්ඩුව කඩිනම් උපායමාර්ගයක් ක්‍රියාත්මක නොකළහොත් ශ්‍රී ලංකාව යළිත් බංකොලොත්භාවයට පත්වීමේ අවදානමක් පවතින බවද ඔහු අවධාරණය කළේය.

හිටපු ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී රට මුහුණදීමට නියමිත විශාල අභියෝගයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බවට මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.

ඔහු පැවසුවේ, ඓMF වැඩසටහනට අනුව මේ වසර අවසන් වන විට ණය ආපසු ගෙවීමේ අවශ්‍යතාව සඳහා ඩොලර් බිලියන 14ක මුදලක් සූදානම්ව තිබිය යුතු බවයි.

එහෙත් මේ වන විට රට සතුව ඇත්තේ ඩොලර් බිලියන 6ක පමණ සංචිතයක් බවත්, එයින් ඩොලර් බිලියන 2ක් පමණ භාවිත කළ නොහැකි මුදල් බවත් ඔහු සඳහන් කළේය.

විදේශ සංචිත ඉහළ නංවා ගැනීම සඳහා ආණ්ඩුව නිසි උපායමාර්ගයක් ක්‍රියාත්මක නොකළහොත් ශ්‍රී ලංකාව යළිත් බංකොලොත් වීමේ අවදානමකට මුහුණදිය හැකි බවද ගම්මන්පිල මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් තමන් මාධ්‍ය හමු ගණනාවකදී සංඛ්‍යාත්මක දත්ත සහිතව කරුණු පැහැදිලි කර ඇති බවද ඔහු සඳහන් කළේය.

එහිදී ආචාර්ය එන්. එම්. පෙරේරා මහතා වරක් ප්‍රකාශ කළ බව කියන, “අපට කරුණු කියා දිය හැක, නමුත් ඒවා තේරුම් ගැනීමට මොළයක් ලබා දිය නොහැක” යන ප්‍රකාශයද ගම්මන්පිල මහතා සිහිපත් කළේය.

ආණ්ඩුවට මෙම අභියෝගය ජය ගැනීමට නොහැකි වනු ඇතැයි අදහස් කරන්නේදැයි මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේදී ඔහු ඊට උපහාසාත්මකව පිළිතුරු දෙමින්, තමන් “තොප්පියක් මසා විසිකළ විට එය කාගේ හෝ හිසට ගැළපෙන්නේ නම් එය දමාගැනීමට තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති” බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *