රට වටා මුහුද පැවතියද පිටරටින් සැමන් ආනයනය කිරීම සම්බන්ධයෙන් පැවති දීර්ඝකාලීන විවේචනය අවසන් කරමින් මේ වන විට ශ්‍රී ලංකාවට සැමන් ආනයනය කිරීම නතර කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරයි. කෙසේ වෙතත්, මෙවැනි සාධනීය කරුණු දේශීය මාධ්‍ය තුළ නිසි පරිදි ප්රවෘත්ති ලෙස ඉස්මතු නොවන බවට ද අමාත්‍යවරයා සිය කනස්සල්ල පළ කර සිටියි.