මෙරට ඉදිකරන ලද විශාලතම ජේසුස් වහන්සේගේ ප්රතිමාව ඊයේ (29) සීදුව සුපුවත් අරණ පරිශ්රයේදී මහජන ගෞරවාදරය උදෙසා උත්සවාකාරයෙන් විවෘත කෙරුණා.
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන් පැවැති මෙම විශේෂ ආගමික උත්සවයේදී උන්වහන්සේගේ සුරතින් ප්රතිමා වහන්සේට ආශීර්වාද කර විවෘත කිරීම සිදු කළා.
සීදුව සුපුවත් අරණ භූමියේ පිහිටුවා ඇති මෙම ස්මාරකය අඩි 60ක උසකින් යුක්ත වන අතර එය සුදු යකඩ භාවිතයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
මෙම අලංකාර නිර්මාණයේ සංකල්පය සහ සැලසුම සුපුවත් අරණ භාරකරු ඩැරල් පියතුමන්ගේ අදහසකට අනුව ක්රියාත්මක කර ඇති අතර, පූජනීය මහා සංඝරත්නය, අන්යාගමික නායකයින්, කන්යා