අනුර ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එමින් තිබෙනවා – සංජීව එදිරිමාන්න

වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් සිය විරෝධය සහ කනස්සල්ල පළ කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

මෙම විරෝධතා, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලධර්ම සමඟ කෙලින්ම ගැටෙන බැවින් එය මඟහැර යා නොහැකි බවයි අද (19) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ඉක්මන් කිරීම සඳහා මෙම සංශෝධනය ගෙන එන බව ආණ්ඩුව පැවසුව ද, එය සම්පූර්ණයෙන්ම ව්‍යාජ හේතුවක් බව ද, නඩු ගොඩ ගැසීමට සත්‍ය හේතු වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි දෙපාර්තමේන්තුවල පවතින ගැටලු මිස, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස නොවන බව ද එහිදී ඔහු ප්‍රකාශ කළා.

මෙම සංශෝධනයත් සමඟ අනුර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවේ ‘ඒකාධිපති බළලා’ මල්ලෙන් එළියට පැමිණ ඇති බවත්, මැතිවරණ හා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ආණ්ඩුවේ පවතින අප්‍රසාදය මෙයින් පෙන්නුම් කරන බවත් ඔහු පැවසුවා

පුරවැසියන් මෙයට එරෙහිව හඬ නැඟිය යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *