රටක පවතින බිඳවැටීම් සහ අර්බුද හමුවේ වරද ඇත්තේ අසාර්ථක පාලකයාගේ පමණක් නොවන බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පවසති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ පාලකයා අසාර්ථක බව ඇස් පනාපිටම දැක දැකත්, තවදුරටත් ඔහු වටා රොද බඳිමින් ගුණ වයන වහල් ජනතාව ද එම වරදෙහි සෘජු වගකිවයුත්තන් සහ වරදකරුවන් වන බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව අවධාරණය කර ඇත.