මූල්‍ය ප්‍රතිපාදන හිඟකම හේතුවෙන් අතරමඟ ඇනහිට තිබූ අනුරාධපුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ (Multi-Model Hub) වැඩකටයුතු වත්මන් රජයේ මැදිහත්වීම මත කඩිනම් කර, එහි මූලික අදියර ජනතා අයිතියට පත් කිරීම අද (28) සිදු කෙරිණ.
පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර පුණ්‍ය භූමිය වෙත පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ප්‍රවාහන පහසුව මෙන්ම නගරයේ පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීම සඳහා ‘Touch & Go’ ක්‍රමය යටතේ මගීන්ට වෙන්වූ පරිශ්‍රයක අද සිට ක්‍රියාත්මක වේ.
ආරම්භක අවස්ථාවේදී රුපියල් මිලියන 1100කට ඇස්තමේන්තු කර තිබූ මෙම ව්‍යාපෘතිය, පසුව ඇති වූ ප්‍රමාදයන් හේතුවෙන් රුපියල් මිලියන 2400ක් දක්වා පිරිවැය ඉහළ ගොස් තිබුණි. කෙසේ වෙතත්, වත්මන් රජය මැදිහත් වී වියදම් සංශෝධනය කරමින් ජනතා මුදල් සුරක්ෂිත වන පරිදි මෙහි වැඩකටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා ලදී. උපදේශක ආයතන හා කොන්ත්‍රාත්කරුවන් සමඟ සිදුකළ සාකච්ඡාවලට අනුව එළඹෙන සැප්තැම්බර් මාසය වන විට මෙහි සමස්ත ව්‍යාපෘතියම සම්පූර්ණයෙන් නිම කර මහජනතාවට භාරදීමට නියමිතය.
මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම, ආරක්ෂිත සහ සුවපහසු ප්‍රවාහන සේවාවක් සපයන මෙම නව ප්‍රවාහන මධ්‍යස්ථානය නවීන පහසුකම් රැසකින් සමන්විතය.
දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට තමන්ට අවශ්‍ය බස් රථ පහසුවෙන් සොයාගැනීම සඳහා විශේෂ මං තීරු.
ආබාධිත පුද්ගලයන්ගේ ගමන් පහසුව සඳහා වන සුවිශේෂී පහසුකම් සහ ඔවුන් වෙනුවෙන්ම වෙන්වූ සනීපාරක්ෂක පහසුකම්.
බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථානය එකිනෙකට යා කෙරෙන නවීන ගුවන් පාලම.
මහල් අතර ගමනාගමනය සඳහා විදුලි සෝපාන (Lifts) 05ක් සහ විදුලි පඩිපෙළ. (Escalator)
බැංකු කටයුතු සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන ATM පහසුකම්.
මගීන්ගේ විවේකය සඳහා කාමර පහසුකම්.
උසස් ප්‍රමිතියෙන් යුත් ආපනශාලා සහ විවිධ භාණ්ඩ මිලදී ගත හැකි සාප්පු සංකීර්ණය.
බිළිඳුන් සහිත මවුවරුන් වෙනුවෙන් විශේෂිත වූ කිරිදීමේ ස්ථානය. (Breastfeeding Rooms)
නවීන තාක්ෂණයෙන් යුත්, පිරිසිදු සනීපාරක්ෂක පහසුකම්. (Toilet Complexes)
ඕනෑම දිගකින් යුත් දුම්රියක් නැවැත්විය හැකි පරිදි නිර්මාණය කළ දුම්රිය වේදිකාවක්.
බාධාවකින් තොරව සේවා සැපයීම සඳහා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ජෙනරේටර් (Generator) පහසුකම්.
මෙම සුවිශේෂි අවස්ථාව සඳහා උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා, අනුරාධපුර නගරාදිපති N. කරුණාරත්න මහතා, උප නගරාධිපතිනී සීතා හේරත් මහත්මිය ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති මුදිත් ප්‍රසන්න මහතා, නාගරික කොමසාරිස් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.