ෙල් එක්ස් (Sell X) වෙතින් වසර 3 කට පසු දැවැන්ත Stock Clearance Sale එකක් ගාල්ලෙදී!
දිගු විරාමයකට පසුව සෙල් එක්ස් (Sell X) ආයතනය සංවිධානය කරන විශේෂ “Stock Clearance Sale” අලෙවි ප්‍රදර්ශනය මෙවර ගාල්ල, පෙට්ටිගලවත්ත ඔල්කට් ප්‍රතිමාව අසල (පැරණි Abans ගොඩනැගිල්ල පැවැති ස්ථානයේදී) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සාමාන්‍යයෙන් වසර තුනකට වරක් පමණක් පැවැත්වෙන මෙම දැවැන්ත අලෙවි සේලයේදී පරිගණක (Computers), පරිගණක උපාංග (Computer Accessories), CCTV කැමරා, සවුන්ඩ් සිස්ටම් (Sound Systems), ප්‍රින්ටර් (Printers), ස්මාර්ට් වොච් (Smart Watches) සහ පවර් බෑන්ක් (Power Banks) ඇතුළු විද්‍යුත් උපාංග රැසක් සැබෑ ලෙසම අඩු කරන ලද ආකර්ෂණීය මිල ගණන් යටතේ ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවේ.
සෑම වසරකම කිතුලම්පිටිය ප්‍රධාන කාර්යාලය අසලදී පැවැත්වූ මෙම විශේෂ අලෙවි සේලය, මෙවර පාරිභෝගික ජනතාවට වැඩි ඉඩකඩක් සහ පහසුකම් සැලසීමේ අරමුණින් පෙට්ටිගලවත්ත පරිශ්‍රය වෙත ගෙන ඒමට පියවර ගෙන ඇත.