වසර 25කට අධික කාලයක් රටේ ජනාධිපති ධුරය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද වන විට “තේ එකක් දෙන්නවත් සල්ලි නැති” තත්ත්වයකට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ප්‍රකාශ කළේය.
“අවුරුදු 25ක් ජනාධිපතිකම් කරපු අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද තේ එකක් දෙන්න සල්ලි නෑ…” යනුවෙන් ඔහු කියා සිටියේය.
වරක් රටේ ප්‍රධානතම දේශපාලන බලවේගයක් වූ සහ දීර්ඝ කාලයක් විධායකය මෙහෙයවූ ශ්‍රීලනිපය අද මුහුණ දී ඇති දේශපාලන හා මූල්‍යමය අර්බුදය පිළිබඳව දැඩි කනගාටුව පළ කරමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.