15වනදා වාහන 4000ක ණයවර ලිපි විවෘත කළ කතාව අසත්‍යයි,ණයවර ලිපි විවෘත කර ඇත්තේ වාහ​න 1780ක පමණක් බව හෙළි වෙයි –

පසුගිය 15 වෙනිදා වාහන 4000ක් ගෙන්වීමට ණයවර ලිපි විවෘත කිරීමක් ගැන විපක්ෂයෙන් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යක් බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

රූපවාහිනී නාලිකාවක සජීව වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා පවසන්නේ එවැනි වාහන ප්‍රමාණයකට ණයවර ලිපි විවෘත වීමක් එදින සිදුවී නොමැති බවයි.

විපක්ෂය මෙවැනි අසත්‍ය කතා පතුරවන්නේ ලැජ්ජාව හා සදාචාරය පැත්තකට දමා බවත් පසු දිනම මෙවැනි කතා අසත්‍ය බවට ඔප්පු වන බවත්දැන දැනම බවයි.

ඔවුන් මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩ ඒමට, රට විශාල ප්‍රශ්නයකට මුහුණ දී ඇති බව සමාජයට ඒත්තු ගන්වමින් සමාජය නොමග යැවීමට ක්‍රියාකරමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පවසන්නේ.

මේ පදනම් විරහිත කතාවලට රැවටී හදිසි මිලදී ගැනීම් වලට ගොස් යම් යම් පාඩු සිදුකර නොගන්නා ලේසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *