මාලිබේ – කඩුවෙල මාර්ගය හදන්න මිලියන 819ක කොන්ත්‍රාත්තුව ප්‍රධානය කිරීමට කැබිනට් අනුමැතිය

මාලිබේ – කඩුවෙල මාර්ගයේ (B 263) කිලෝමීටර් 5.56 ක කොටසක් පුළුල් කර වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 819 ක කොන්ත්‍රාත්තුවක් සෙනරත් ඉන්ජිනියරිං (පෞද්ගලික) සමාගමට ප්‍රදානය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.

මෙම ව්‍යාපෘතිය ජාතික මහාමාර්ග පුළුල් කිරීමේ හා වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන අතර, තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලියක් අනුගමනය කරමින් කොන්ත්‍රාත්කරු තෝරාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *