ඩේසි ආච්චිගේ මැණික් මල්ලක් ගැන තමා නොදන්නා බව ඇගේ දේපල කළමනාකරණය කරන කාන්තාව අධිකරණයට කියයි

රුපියල් ලක්ෂ 735 ක් වැය කර ඉඩම් කොටස් කිහිපයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුව පසුගිය බ්‍රහස්පතින්දා කැදවන ලදී.

යෝෂිතට එරෙහි මෙම නඩුවේ පළමු සාක්ෂි විභාගය එදිනම සිදු විය.

එහිදී පළමු සාක්ෂිකාරිය ලෙස කැදවන ලද්දේ මදූකා වීරසිංහ නමැති තැනැත්තියයි.

මදූකා වීරසිංහ, ඩේසි ෆොරස්ට්ගේ දේපළ කළමණාකරනය කිරීම සදහා පත් කර සිටි තැනැත්තිය බව කියයි.

මදූකා වීරසිංහගෙන් හරස් ප්‍රශ්න අසන ලද්දේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ය.

ජනක බණ්ඩාර මහතා විසින් ඩේසි ෆොරස්ට්ට අයත් දේපළ පිළිබදව වාර්තා කරන ලෙස මදූකා වීරසිංහගෙන් ඉල්ලා සිටි විට, මදූකා වීරසිංහ පවසා තිබුනේ තමන් ඩේසි ෆොරස්ට් ට අයත් දේපොළ පිළිබදව නොදන්නා බවයි.

ඩේසිෆොරස්ට්ට අයත් දේපළ අතර මැණික් මල්ලක් තිබුණා ද කියා ජනක බණ්ඩාර මහතා මදූකා වීරසිංහගෙන් ඇසූ විට ඈ පවසා තිබුනේ, එවැන්නක් පිළිබදවද තමන් නොදන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *