අනුරාධපුර දැරියගේ සිද්ධිය​ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අද රැස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ (Women Parliamentarians’ Caucus) 16 වන රැස්වීම අද (2026 මැයි 25) පස්වරු 1.00 ට පාර්ලිමේන්තු කාරක සභා කාමර 02 හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. මීට අමතරව මන්ත්‍රීවරියන්ට පහසුවෙන් සම්බන්ධ වීම සඳහා සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ ද මෙම රැස්වීම සම්බන්ධ කර ඇත.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය, සංසදයේ සභාපතිනී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ කැඳවීමෙන් මෙම රැස්වීම පැවැත්වේ

නුරාධපුර ප්‍රදේශයේදී දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්වූ බවට වාර්තා වූ සිද්ධිය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡා කිරීමට නියමිතය

පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) (කාරක සභා) කමල් උඩපොල මහතා විසින් නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව , අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය , කාරක සභා නියෝජ්‍ය සභාපතිනී හේමාලි වීරසේකර මහත්මිය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරියන් වෙත මේ සඳහා සහභාගී වන ලෙස දන්වා තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *