මෑත කාලීනව දුර්වල වූ ශ්‍රී ලංකා රුපියල වසර අවසන් වන විට යළි ශක්තිමත් වනු ඇතැයි, ජාත්‍යන්තර ෆිච් සොලූෂන් ආයතනයට අනුබද්ධ බී.එම්.අයි ආයතනය පවසයි.
ඉන්ධන මිල පහත වැටීමත් සමඟ ආනයන සදහා සිදු කරන ගෙවීම් පහත වැටෙනු ඇතැයි අනුමාන කරන බී.එම්.අයි ආයතනය, නැවත ගෙවුම් ශේෂ අර්බුදයක් රට තුළ ඇති වීමේ ඉඩක් නැති බවද පවසයි.
ජූනි මාසය වන විට මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය පහව යනු ඇතැයි බී.එම්.අයි ආයතනය අපේක්ෂා කරයි. ඒ සමඟම, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 320 පමණ දක්වා ඉහළ යනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි.
විදේශ සංචිත වැඩි දියුණු වී තිබීමත්, ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමත්, ණය දෙන්නන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකිව තිබීමත් හේතුවෙන්, රට නැවත 2022 වසරේ ඇති වූ බංකොලොත්භාවය කරා ඇද නොවැටෙනු ඇති බවද ෆිච් සොලූෂන්ස් බී.එම්.අයි පවසයි.