වයිට් හැකර්ලා, බ්ලැක් හැකර්ලා කියලා දෙගොල්ලක් ඉන්නවා, මේකට සම්බන්ධ වෙන්න ඕනේ බ්ලැක් හැකර් කෙනෙක් – තිස්ස කුට්ටිආරච්චි

ශ්‍රී ලංකාවේ සිදු වූ ඩොලර් මිලියන 2.5 ක මහා පරිමාණ මූල්‍ය වංචාවට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සෘජුවම වගකිව යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

තෙල් මිල අඩු කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන විට තමා තෙල් සමාගමක නියෝජිතයෙකුදැයි ඇසූ ජනාධිපතිවරයාට, මෙම මුදල් සොරාගත් හැකර්වරයා තමාදැයි දැන් ඇසීමට හැකියාව ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

හැකර්වරයෙකු විසින් මෙම මුදල් ලබා ගත් බවට කරන ප්‍රකාශය අසත්‍යයක් බවත්, හැකර්වරයෙක් ගිණුමට පිවිසුනා නම්, ඩොලර් මිලියන 2.5කින් සෑහීමකට පත් වේද යන්න ගැටලුවක් බවත් ඔහු පවසා සිටියා.

ලෝකයේ ‘කළු හැකර්වරුන්’ (Black Hat) සහ ‘සුදු හැකර්වරුන්’ (White Hat) ලෙස වර්ග දෙකක් සිටින අතර, මෙවැනි සිදුවීමකට සම්බන්ධ විය හැක්කේ කළු හැකර්වරයෙකුට පමණක් බව ඔහු ප්‍රකාශ කළා.

මීට පෙර ගල්අඟුරු වංචාවේදී විෂයභාර අමාත්‍යවරයා ඉවත් කළා සේම, මෙම දැවැන්ත වංචාව සම්බන්ධයෙන් වගකීම ගෙන ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ධුරයෙන් වහාම ඉවත් විය යුතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *