සලේට වෙන මානව හිමිකම් උල්ලංඝනය නිසා ලංකාවට GSP+ අහිමි වෙන අවදානමක් – බන්දුල ගුණවර්ධන කියයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනිසි ලෙස භාවිත කිරීම සහ බුද්ධි අංශ ප්‍රධානියෙකු වන සලේ මහතාට එරෙහිව සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවට හිමිවන GSP+ යුරෝපා ආර්ථික සහන අහිමි වීමේ බරපතල අවදානමක් මතුව ඇතැයි හිටපු අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැරදි ලෙස භාවිත කරන බැවින් එය වහාම වෙනස් කරන ලෙස හෝ ඉවත් කරන ලෙස යුරෝපා ආර්ථික ප්‍රජාව දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.

විශේෂයෙන්ම රට වෙනුවෙන් විශාල ජාතික මෙහෙවරක් ඉටුකළ බුද්ධි අංශ ප්‍රධානී සලේ මහතා වද හිංසනයට ලක් කරන බවට මානව හිමිකම් කොමිසමට කර ඇති පැමිණිලි ජාත්‍යන්තරයට වාර්තා වීම මෙරටට අහිතකර ලෙස බලපානු ඇති බව ඒ මහතා සඳහන් කළේය.

මෙවැනි කරුණු ජාත්‍යන්තරය හමුවේ අනාවරණය වීම ශ්‍රී ලංකාවට ලැබෙන ජාත්‍යන්තර සහන කෙරෙහි ඍජු අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව හිටපු අමාත්‍යවරයාගේ අදහසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *